සමාවෙන්න රත්තරනේ

samawenna raththarane warada mage athe

Chandana Liyanarachchi
සමාවෙන්න රත්තරනේ Lyrics

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත්මලේ
දේවතාවියක්‌ සිටුගෙයි හඬා වැළපුනේ
කවුරුද රතු රෝස මලෙන්‌ සුවඳ ගෙන ගියේ

මල්සරාට තහනම් ගෙයි දොරගුළු ඇරුනේ
බහට බහක්‌ දී අඩවන්‌ දෙනතක බැඳුනේ
ආලවන්ත කැකුලියකගෙ තුරුලෙහි රැඳුනේ
ගෙවුනු රැයක්‌ ආත්මයක මට පවු පිරුවේ

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත්මලේ
දේවතාවියක්‌ සිටුගෙයි හඬා වැළපුනේ
කවුරුද රතු රෝස මලෙන්‌ සුවඳ ගෙන ගියේ

දෙපා වඳින ඇගෙ දෑසෙහි කඳුළු පෙනි පෙනී
බිඳී ගියා මුළු ලොව සෙනෙහසින්‌ දැවි දැවී
සඳ මඬලට පෙම් සිසිලස පිදුව කුමුදිනී
ජාති ජාති යන්නෑ ඔබ ළඟින්‌ දුරස්‌ වී

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත්මලේ
දේවතාවියක්‌ සිටුගෙයි හඬා වැළපුනේ
කවුරුද රතු රෝස මලෙන්‌ සුවඳ ගෙන ගියේ

Video thumbnail