සම්මා රූ - මා

Samma Roo Ma 


සම්මා රූ - මා Lyrics

සංසාරෙ සිසාර සාර ජීවිතේ සොයා
පින් පාරමී පුරන්න හුරු කළේ ඔයා
බිම්බරක් මාර දුක් ගින්දර
තුරුලෙ සඟවලා
ඇස් නෑර සිටිය මට යන හරි පාර පෙන්නුවා

අම්මා මා - මා
සම්මා රූ - මා

සැප ලබන මොහොත මා වටේට සිටී මහ ගොඩක්
දුක් කඳුළු පිසින අම්මේ නුඹ කෙනෙක් නොවේ හුඟක්
වියළි සිහින පුබුදන සිලිලාර මහ ගඟක්
අම්මේ නුඹ බෝධිසත්ව පිටට බෝ රුකක්

අම්මා මා - මා
සම්මා රූ -මා

වැලලෙන්න තිබු තැන්වල කිරි දිරිය මට පුදා
නිදි යන්න තුරුල දී නොනිදා
උන්නෙ විඳ දරා
මට යන්න තියෙන තැන දක්වා උරහිසේ හොවා
වින්ද වේදනා බර ඇති මගේ
කිරුලටත් වඩා

අම්මා මා -මා
සම්මා රූ - මා

Video thumbnail