සැනසුම්‌ සුසුමන්‌ පාවීලා

Sanasum Susuman Paweela

t m jayarathna
සැනසුම්‌ සුසුමන්‌ පාවීලා Lyrics

සැනසුම්‌ සුසුමන්‌ පාවීලා
සඳකැන්‌ වතුරෙන්‌ නෑවීලා

සැනසුම්‌ සුසුමන්‌ පාවීලා
සඳකැන්‌ වතුරෙන්‌ නෑවීලා
තරුමල්‌ අතරින්‌ රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා

සැනසුම්‌ සුසුමන්‌ පාවීලා
සඳකැන්‌ වතුරෙන්‌ නෑවීලා..

රෑ සඳපානේ සීතල පවනේ
නාමල්‌ අරණේ ළා දළු සෙවණේ..

මා ළය කර ඔබගේ සුව යහනේ
ගෙවු අතීතය මතකද මිහිරේ
ගෙවු අතීතය මතකද මිහිරේ

සැනසුම්‌ සුසුමන්‌ පාවීලා
සඳකැන්‌ වතුරෙන්‌ නෑවීලා
තරුමල්‌ අතරින්‌ රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා

සැනසුම්‌ සුසුමන්‌ පාවීලා
සඳකැන්‌ වතුරෙන්‌ නෑවීලා..

දෑසට පෙනෙනා එකම රුවක්‌ වෙයි
ඒ රුව මා නෙත්‌ අංජනයයි..

ජීවන ගීතේ තනුව වයන්නෙම්‌
ඈ එනතුරු මා තනිවීලා
ඈ එනතුරු මා තනිවීලා

සැනසුම්‌ සුසුමන්‌ පාවීලා
සඳකැන්‌ වතුරෙන්‌ නෑවීලා
තරුමල්‌ අතරින්‌ රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා

සැනසුම්‌ සුසුමන්‌ පාවීලා
සඳකැන්‌ වතුරෙන්‌ නෑවිලා..

Video thumbnail