සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම Lyrics
සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුරපස දී සඳපාන
ඒ හඳ ඇයිද දියවක වී කුළු රෑක
දියවී ගිහින් රැඳුණේ තරු ඇස ගාව
සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම
ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නල සේම
සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම