සඳ දිය උතුරා.. අපතේ යයි Lyrics
සඳ දිය උතුරා.. අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ..
තරු කැට ගිලිහි දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ..
සඳ දිය උතුරා.. අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ..
තරු කැට ගිලිහි දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ..
තුරු වැල් අහගෙන සිටින නිසා..
තුරු වැල් අහගෙන සිටින නිසා..
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා..
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි
සඳ දිය උතුරා.. අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ..
තරු කැට ගිලිහි දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ..
හරිම කෙටියි රෑ තුන්යාමේ..
හරිම කෙටියි රෑ තුන්යාමේ..
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඬන්න කියා..
පණිවිඩයක් යැවුවොතින් හොඳයි
සඳ දිය උතුරා.. අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ..
තරු කැට ගිලිහි දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ..