සැන්දැ කළුවර ගලා හැලෙන විට

Sanda Kaluwara Gala Halena Wita

sanath nandasiri
සැන්දැ කළුවර ගලා හැලෙන විට Lyrics

සැන්දැ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුන නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්‌
ජීවිතයේ දුක්‌ වෙහෙස නිවාගමි
සැන්දැ කළුවර ගලා..

කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණ
අමා සුවය දෙන අතුපැල හෙවණේ
අසරණ වුදා මට ඔබ පමණයි
මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ

සැන්දැ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුන නිවෙස සොයා එමි
සැන්දැ කළුවර ගලා

පිබිදෙන ලොව හා තරඟ කරන්නට
හෙට අලුයම යළි පිටවිය යුතුවේ
ඔබෙන්‌ දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙම තව ළංවී..

සැන්දැ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුන නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්‌
ජීවිතයේ දුක්‌ වෙහෙස නිවාගමි
සැන්දැ කළුවර ගලා..

Video thumbnail