සැඳෑ කළුවර කුර ගගා විත් Lyrics
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වු සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා.....
වලාකුළ කුදු නොමැති අහසේ
මලානික වු මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමණක් රජවෙලා....
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගෙ දසුනෙන්
ඈත් වු සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා..
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා..
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වු සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා.....