සඳ කොමලී තරු පිරිවරලා

Sanda Komali Tharu Piri Warala

latha walpola
සඳ කොමලී තරු පිරිවරලා Lyrics

සඳ කොමලී තරු පිරිවරලා
නිල්‌ අඹරේ... නැග එන්නා
අති ශෝභමාන රාත්‍රි

සඳ කොමලී තරු පිරිවරලා
නිල්‌ අඹරේ... නැග එන්නා
අති ශෝභමාන රාත්‍රි
සඳ කොමලී තරු පිරිවරලා

සුදු කෞමද මල්‌ පිබිදෙන්නා
සොමි කාන්ති රශ්මි වැදිලා

සුදු කෞමද මල්‌ පිබිදෙන්නා
සොමි කාන්ති රශ්මි වැදිලා
සිත පිරියා.. කරවන්නේ
මේ සිරියා.. හඳපානේ
සිත පිරියා.. කරවන්නේ
මේ සිරියා.. හඳපානේ
ලොව සැම තැන කිරි ඉතිරෙන්නේ
අති ශෝභමාන රාත්‍රි

සඳ කොමලී තරු පිරිවරලා
නිල්‌ අඹරේ... නැග එන්නා
අති ශෝභමාන රාත්‍රි
සඳ කොමලී තරු පිරිවරලා

ගුම්‌ ගුම්‌ නද දේවි රාශී
රොනටා එතී සුමිහිරි

ගුම්‌ ගුම්‌ නද දේවි රාශී
රොනටා එතී සුමිහිරි
බඹරුන්ගේ.. ගී නාදේ
දෙසචන්‌ මා.. පිනවන්නේ
බඹරුන්ගේ.. ගී නාදේ
දෙසවන්‌ මා.. පිනවන්නේ
මේ සුන්දර වු හඳපානේ
අති ශෝභමාන රාත්‍රි

සඳ කොමලී තරු පිරිවරලා
නිල්‌ අඹරේ... නැග එන්නා
අති ශෝභමාන රාත්‍රි
සඳ කොමලී තරු පිරිවරලා

හා..හා මගෙ වතගත රැසිරි
සොරකම්‌ කරාලා සැරසි

හා..හා මගෙ වතගත රැසිරි
සොරකම්‌ කරාලා සැරසි
කැඩපතහි.. තුළ සැඟවී
ඉඟි කරනා සුකුමාර
කැඩපතහි.. තුළ සැඟවී
ඉඟි කරනා සුකුමාර
ඒ කවුරුද මා ලෙස සමවී
අති ශෝභමාන රාත්‍රි

සඳ කොමලී තරු පිරිවරලා
නිල්‌ අඹරේ... නැග එන්නා
අති ශෝභමාන රාත්‍රි

සඳ කොමලී තරු පිරිවරලා
නිල්‌ අඹරේ... නැග එන්නා
අති ශෝභමාන රාත්‍රි
සඳ කොමලී තරු පිරිවරලා

Video thumbnail