සඳ කුමාරියක් දීගෙක යනවා..
රබන් සුරල් හඬ රැව් දෙනවා..
තුරුලතා මඩුල්ලේ... කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා
සඳ කුමාරියක් දීගෙක යනවා..
රබන් සුරල් හඬ රැව් දෙනවා..
තුරුලතා මඩුල්ලේ... කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා
පැලේ ඉඳන් රෑ පුරා.. නිදි නොලබා සීතලේ..
ආදරයට පෙරුම් පිරූ දේ..
සඳ එළියේ.. රුව පෙනී
සිත පිබිදී.. මල් පිපී
ඒ සිහිනේ බොඳ වෙලා..
සඳ කුමාරියක් දීගෙක යනවා..
රබන් සුරල් හඬ රැව් දෙනවා..
තුරුලතා මඩුල්ලේ... කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා
පැලේ පහන දැල් නොවේ මාස පෝයදා වගේ..
ගම්මානෙම මට එරෙහි වෙලා..
මං තනියේ.. කළුවරේ
වේදනාව.. තුරැල්ලේ
මා ගයන ගීතයයි..
සඳ කුමාරියක් දීගෙක යනවා..
රබන් සුරල් හඬ රැව් දෙනවා..
තුරුලතා මඩුල්ලේ... කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා
සඳ කුමාරියක් දීගෙක යනවා..
රබන් සුරල් හඬ රැව් දෙනවා..
තුරුලතා මඩුල්ලේ.... කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා
මා තනිවී දෑස තෙමෙනවා
මා තනිවී දෑස තෙමෙනවා...