සඳ ළඟ තරු ළඟ සිත රැඳුණා Lyrics
සඳ ළඟ තරු ළඟ සිත රැඳුණා
මුතු ළඟ සිනහවේ වැසි වැටුණා
අහසක් වගේ පෙනෙනා..
තරුවක් සිතේ පිපුණා..
තනිකම සිත යට ඉකිගසනා
හෙමිහිට හැම විට නුඹ පැතුවා
කෙළිලොල් නුවන් මවනා..
නොඉඳුල් සිතුම් පිරුණා..
දෙව් සිරියෙන් වැඩ සිටියේ..
මා සිත නුඹට බැඳි..
හද කුටියේ සීගිරියේ..
ගී ඇත කුරුටු ගැසූ..
නුඹ මාගෙ හද අරගන්..
ළඟපාත ඉඳ හිනැහෙන්..
පුර පෝය සඳ විලසින්..
සිත් යාය මත පායන්..
සිත් පතුලේ දිය සුළියේ..
සිතුවිලි නුඹට රිසී..
ආල රැයේ.. සිහින පිපේ
හීලෑ නොමැති සිතේ..
ඔය දෑස කවි දහසක්..
මුතු සීන මල් යායක්..
තොල් සිඹින තප්පරයක්..
රතු රෝස අක්කරයක්....
නන නාන.. නා නන නා...
ලල ලාලා.. ලා ලල ල
හ්ම් හ්ම් හ්ම්.. හ්ම් හ්ම් හ්ම් හ්ම්..
ලල ලාලා.. ලා ලල ලා...