සඳ මා හා සිනාසුනා Lyrics
සඳ මා හා සිනාසුනා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතාකලේ නෑ
පුරා පෝය හඳ අහසට එනවිට
මා යනවා බෝ මළුව දිහාවට
බෝ මළුවේ හිඳ පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැකගන්නට
සඳ මා හා සිනාසුනා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතාකලේ නෑ
පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට
නාඳුනනා ලෙස ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට
සඳ මා හා සිනාසුනා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතාකලේ නෑ