සඳ සේ බැස නොයා Lyrics
සඳ සේ බැස නොයා
මගෙ ලොවේ රැඳේ නම්
කඳුලේ දුක දරා
ඔබෙ නමින් හිඳින්නම්
ඔබෙ දෑසේ
රැඳෙන්නම්, මියෙන්නම්
පැතුමන් බිඳ දමා
ඔබ නොයා හිඳීනම්
සිත පුරා මා වෙලෙන්නම්
දෑස සේ රකින්නම්
මගෙ සුහදේ
සනසන්නම්
සැනසෙන්නම්
පිනි මල් මාවතේ
ඔබෙ දෑතේ වෙලී
ඇවිදන් යන්න ඇත්නම් පෙර වගේ
සොදුරුයි ආදරේ
හිමිවුනා සේ දැනේ
ඔබ සදා
සඳ සේ බැස නොයා
මගෙ ලොවේ රැඳේ නම්
කඳුලේ දුක දරා
ඔබෙ නමින් හිඳින්නම්
ඔබෙ දෑසේ.
රැඳෙන්නම්, මියෙන්නම්
සිහිනයක් සේ ඇදි
උනුහුමින් ලං වෙවී
හදවතේ රැදී ඉන්නම් මා සදා
ඔබම දෙවී නුරා
මුලු ජිව්තේ පුරා
සබදේ
සඳ සේ… බැස නොයා…
මගෙ ලොවේ… රැඳේ නම්
ඔබෙ දෑසේ…
රැඳෙන්නම්, මියෙන්නම්
පැතුමන් බිඳ දමා
ඔබ නොයා හිඳීනම්
සිත පුරා මා වෙලෙන්නම්
දෑස සේ රකින්නම්
මගෙ සුහදේ
සනසන්නම්
සැනසෙන්නම්..//