Sanda Tharu Nihadai Lyrics
සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා..
පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කළා..
සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළ ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා..
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
හදවත අවදි කළා..
සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා..