සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා..

Sandai Tharui Nisansale Ahasa Golu Wela

somasiri medagedara
සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා.. Lyrics

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා..
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනී වෙලා..
සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා..
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනී වෙලා..

මල්යායේ බඹරු නටයි ලොවම ලස්සනයි..
සිත්‌ දෑලේ සිතුම්‌ පෙළයි සිහින ලෝකයයි..

මල්යායේ බඹරු නටයි ලොවම ලස්සනයි..
සිත්‌ දෑලේ සිතුම්‌ පෙළයි සිහින ලෝකයයි..
බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි..
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි..

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා..
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනී වෙලා..

කඳු යායේ බොඳ මීදුම්‌ සළු රටා දිගේ..
දසුන්‌ මැවේ මායාවකි එයද මට අගේ..

කඳු යායේ බොඳ මීදුම්‌ සළු රටා දිගේ..
දසුන්‌ මැවේ මායාවකි එයද මට අගේ..
හමුවුවේ වෙන්වන්නද හද සුසුම්‌ නැගේ..
වෙන්වුවේ හමුවන්නද යළි සසර මගේ..

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා..
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනී වෙලා..
සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා..
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනී වෙලා..

Video thumbnail