සඳක්‌ බැස ගියා අවරගිරේ

sandak basa giya awara gire

Clarence Wijewardena
සඳක්‌ බැස ගියා අවරගිරේ Lyrics

සඳක්‌ බැස ගියා අවරගිරේ
ඉරක්‌ උදා කරලා..
මටත්‌ ලොවක්‌ තිබුණා මතකයි
මම ඉමි සිහි කරලා..

දෙළුම්‌ මල්‌ පිපුණු දෙවැට දිගේ
පාසැල්‌ ගිය කාලේ..
මල්‌ වගේ සිනාසුණු කෙල්ලන්‌ හා
මතකයි මගෙ බාලේ..

විවේකයක්‌ ලද විටදි අපී
දුව පැන ඇවිදිනවා..
ගණන්‌ තමයි මගේ සිතට වදේ
නිතරම වරදිනවා..
ගමේ පාසැලේ වැඩට අපී
පෙරමුණ ගෙන යනවා..
තවත්‌ වරක්‌..
තවත්‌ වරක්‌ මට
පාසැල්‌ යන්නට ලැබුණොත්‌ මම යනවා

ඉමක්‌ කොනක්‌ නැති අහස වගේ
කෙළිලොල්‌ දිවිය මගේ..
මලක්‌ පිපී සුවඳින්‌ පිරුණා සේ
මුහුණේ සිනහා රැඳේ..
දුකක්‌ සිතේ දැනුනේ නෑ මා හට
අද මට දැනෙනු වගේ..
තවත්‌ වරක්‌..
තවත්‌ වරක්‌ මට
පාසැල්‌ යන්නට ලැබුණොත්‌ හරිම අගෙයි

දෙළුම්‌ මල්‌ පිපුණු දෙවැට දිගේ
පාසැල්‌ ගිය කාලේ..
මල්‌ වගේ සිනාසුණු කෙල්ලන්‌ හා
මතකයි මගෙ බාලේ..

මල්‌ වගේ සිනාසුණු කෙල්ලන්‌ හා..
මතකයි මගෙ බාලේ..

පොඩිකාලේ...

Video thumbnail