සදක් වෙන්න බැරි නම් නුඹ හට Lyrics
සඳක් වෙන්න බැරිනම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැනෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ...//
සීත ඍතුවකට වෙලා මිය යන්න නම් එපා
පෙම් කවක් ලියන්න ආසයි මට තවත්
ඍතුවක් ඇතති නැතත් හුස්මලන මගේ සිතුම්
පණ ගසයි ඔබේ දෙපා මුල වැටී....
සඳක් වෙන්න බැරිනම් නුඹ හට......
මා නොමැති හෙටක් නැතත් පිපෙන මල් යළිත් පිපේ
හිරු එළිය ඇවිත්තව දවසක් උදාවේ
හමනා ඒ සුළං රැළිත් නෙත් කොනින් ළඟින් හමයි
නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි.....
සඳක් වෙන්න බැරිනම් නුඹ හට......