සදකින්නරාවි Lyrics
නැලවි නැලවි යන සඳ නුඹ නාරි ලතාවයි
ඇස් හරව හරව බලන විටදි ඔමරි ලතාවයි
සඳ කින්නරාවි සුකුමල පෙම්බරාවි
අපෙ දෑස දෑස මුණ ගැහෙන්නෙ එකම පන්තියේ
තිසරු ලැමේ සැලෙනා වරලෙ නුඹේ
ඉඳුවර නීල නෙතේ දෙව්ලිය හැඩයි පෙනෙන්නේ
තිසරු ලැමේ සැලෙනා වරලෙ නුඹේ
ඉඳුවර නීල නෙතේ දෙව්ලිය හැඩයි පෙනෙන්නේ
පාඩම් පොතේ ඔබෙ රූ ඇඳී තියේ
නෑ රත්තරන් එය ප්‍රේමයක් නොවේ
පා හැඩට තියලා වරලේ මල් ගසා
සිත ආලකම් පපා මාලති එබෙයි මා දිහා
මේ ප්‍රේමයේ නැවතුම් පලක් නොවේ
ගිම්හානයේ රතු මල් කුමාරියේ
පා හැඩට තියලා වරලේ මල් ගසා
සිත ආලකම් පපා මාලති එබෙයි මා දිහා