සඳට සැහැසිකම්‌ කළ අය

sandata sahasikam kala aya

Chandrasena Hettiarachchi
සඳට සැහැසිකම්‌ කළ අය Lyrics

සඳට සැහැසිකම්‌ කළ අය
සඳ එළියෙන්‌ සැනසුනාට
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ..
නුඹට ආදරෙන්‌ හිටි අය
නුඹ හා දොඩමලු වෙනකොට
මට නම්‌ එය දරාගන්න බෑ..

සුවඳ මතක්‌ වී පෙරදා
යළිදු නුඹ වටා සරනා
බිඟුන්‌ නිසා මගෙ හිත නිදි නෑ..
තුඩින්‌ තුඩට රොන්‌ ඉඩ හැර
දිනෙන්‌ දින පිපී පරවෙන
මලක්‌ නිසා මට නිවනක්‌ නෑ..

සඳට සැහැසිකම්‌ කළ අය
සඳ එළියෙන්‌ සැනසුනාට
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ..
නුඹට ආදරෙන්‌ හිටි අය
නුඹ හා දොඩමලු වෙනකොට
මට නම්‌ එය දරාගන්න බෑ..

සුවඳක්‌ තනිවම විඳින්න
බඹරෙකු උහුලන ගින්දර
මලකට කිසිදා පෙනෙන්නෙ නෑ..
නුඹගෙන්‌ උණුහුම විඳිනා
මගෙ හිත ළඟ දඟ කෙරුවත්‌
නුඹට උණුහුමක්‌ දැනෙන්නෙ නෑ..

සඳට සැහැසිකම්‌ කළ අය
සඳ එළියෙන්‌ සැනසුනාට
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ..
නුඹට ආදරෙන්‌ හිටි අය
නුඹ හා දොඩමලු වෙනකොට
මට නම්‌ එය දරාගන්න බෑ...

Video thumbnail