සඳේ.. ඔබ ඇයිද මේ යාමේ.. Lyrics
සඳේ.. ඔබ ඇයිද මේ යාමේ..
අහස කරා නැගුණේ
සිතේ.. දුක හිරු නිවා දැම්මේ..
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා
සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා..
සඳේ.. ඔබ ඇයිද මේ යාමේ..
අහස කරා නැගුණේ
ඔබ තරු වට කර
හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ..
රෑ නොනිදාගෙන
වැළපෙන මා හට
ඔබගෙන් කිමද පලේ..
සඳේ.. ඔබ ඇයිද මේ යාමේ..
අහස කරා නැගුණේ
සඳ දෙස බල බල
මා පැතු පැතුමන්
මෙතෙකැයි කියන්න බෑ..
හිරු මා දැව්වත්
මා ලද උණුසුම
අමතක කරන්න බෑ..
සඳේ.. ඔබ ඇයිද මේ යාමේ..
අහස කරා නැගුණේ
සිතේ.. දුක හිරු නිවා දැම්මේ..
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා
සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා..
සඳේ.. ඔබ ඇයිද මේ යාමේ..
අහස කරා නැගුණේ
සිතේ.. දුක හිරු නිවා දැම්මේ..
නැතුවද ඔබ.. දන්නේ...