ආදරේ...වේදනා...දී හදේ...
සැමදා.. මාගේ..
සඳුන් ගසක එති සමන් ලතාවක
මල් පරවී යනවා..
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා
මගේ හද.. තවමත් බැබලෙනවා
ආදර නදියක පැද ගිය ඔරුවක්
කුණාටුවක වැදුණා..
සමාජයේ කරදර හිරිහැර මැද
මිහිර පතුලෙ කිඳුණා
ඔබේ නම.. නොමැකෙන ලෙස ඇඳුණා
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
කියන දහම විලසේ..
මිණිමුතු පැතු මට ලැබුණෙ ද ගල් කැට
නොලැබි මා සිතු සේ
මමයි ඔබේ හිත ඔබ මාගේ අත
කියා එදා කීවා
හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙස
කියමින් රැවටෙව්වා
අනේ සුදු.. ඔබ මා රැවටෙව්වා
ආලය පිළිබඳ නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ළයේ..
මා ළය ඔබ වෙත තිබූ සෙනෙහස ගැන
අටුවා මොටද ප්රියේ..
නොලැබෙන දෙයකට හඬා පලක් නැත
මම මෙහි සැනසෙන්නම්
සුදු ඔබ නාමෙන් හොඳ නම රැකගෙන
මම හැමදා ඉනේනමි
මෙසේ මා.. ගී ගයමින් ඉන්නම්
සඳුන් ගසක එති සමන් ලතාවක
මල් පරවී යනවා..
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා
මගේ හද.. තවමත් බැබලෙනවා
ආදර නදියක පැද ගිය ඔරුවක්
කුණාටුවක වැදුණා..
සමාජයේ කරදුර හිරිහැර මැද
මිහිර පතුලෙ කිඳුණා
ඔබේ නම.. නොමැකෙන ලෙස ඇඳුණා...