සඳුන්‌ කපුරු සුළං රොදේ

sandun kapuru sulan rode

Chandrasena Hettiarachchi
සඳුන්‌ කපුරු සුළං රොදේ Lyrics

සඳුන්‌ කපුරු සුළං රොදේ පිරුවට හැඳලා
පැතුම්‌ පඬුරු දෝත දරා දේව යාතිකා
යැදුම්‌ හඬින්‌ කම්පිත වී දිවනෙත්‌ වැසිලා
කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා

කිලිටි දෙපා ගැටුණු බිමේ කහදිය ඉසලා
රන්‌ කහවනු පිදවුම්‌ තටු සිරස තබාලා
සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා
කලියුගයේ අරුමය මැද දෙවොල හිස්වෙලා

මුසා වදන්‌ සිත පත්ලේ සඟවා දෙවියන්‌ හමුවේ
මුසා වදන්‌ සිත පත්ලේ සඟවා දෙවියන්‌ හමුවේ
ඉසුරු පතා යාදින්නේ
මිනිසා කොයිබද යන්නේ

සඳුන්‌ කපුරු සුළං රොදේ පිරුවට හැඳලා
පැතුම්‌ පඬුරු දෝත දරා දේව යාතිකා
යැදුම්‌ හඬින්‌ කම්පිත වී දිවනෙත්‌ වැසිලා
කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා

සිලෝ ගීත දෙවියන්ගේ පහන්‌ සිතට ළං වෙන්නේ
සිලෝ ගීත දෙවියන්ගේ පහන්‌ සිතට ළං චෙන්නේ
යාදිනි කිම වැලපිල්ලේ
සිතමයි දෙවොලක්‌ වන්නේ

සඳුන්‌ කපුරු සුළං රොදේ පිරුවට හැඳලා
පැතුම්‌ පඬුරු දෝත දරා දේව යාතිකා
යැදුම්‌ හඬින්‌ කම්පිත වී දිවනෙත්‌ වැසිලා
කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා

කිලිටි දෙපා ගැටුණු බිමේ කහදිය ඉසලා
රන්‌ කහවනු පිදවුම්‌ තටු සිරස තබාලා
සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා
කලියුගයේ අරුමය මැද දෙවොල හිස්වෙලා...

Video thumbnail