සන්නාලි කුමරියේ (බෙලිහුල් ඔයෙන් විසිරෙනා )

Sannali Kumariye (Belihul Oyen Visirena)


සන්නාලි කුමරියේ (බෙලිහුල් ඔයෙන් විසිරෙනා ) Lyrics

සන්නාලි කුමරියේ මගෙ ලයට ගුලි වෙවී
රහසින් කෙඳුරූ නුඹ නැතත් බස් රියේ
මේ පපුවේ ඉඩ තියේ තාමත් පොඩ්ඩියේ
අද මේ අසුනේ ඇයි මාව තනිකලේ
මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
සිටියා තුරුලු කරගෙන පායන තුරුම ඔබ ලඟ.

බෙලිහුල් ඔයෙන් විසිරෙනා සීතල පින්නෙ හැපි හැපී
කඩදාසි ඔරු හදා ඈතට පා කලා අපී
හැඩවී ආවා රතු මල් මල් ගවුමින්
හිත තාම අඬනවා ඒ මතක සමරමින්
මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
සිටියා තුරුලු කරගෙන පායන තුරුම ඔබ ලඟ.

කවි කොල පිරෙව්වත් ලියා දුක නෑ තව තුනී වෙලා
සිහිවටන ප්‍රේමයේ සක්මන් කරයි රෑ පුරා
අවසන් දවසේ අපි හමු වූ මොහොතේ අත තියල දිව්රලා මට හාදුත් දුන්නා
මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
සිටියා තුරුලු කරගෙන පායන තුරුම ඔබ ලඟ.

Video thumbnail