සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි Lyrics
සංසාර සිහිනයේ.. පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා.. සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි
මගෙ ආදරී නුඹයි
නා මලක්.. වගේ සිතුම්.. සෙනෙහසින් පෙරේ..
ආදරෙන් අරන් ඇවිත්.. තුරුලු වන්නෙමි..
සඳ පාන ඔබ වැනී.. නිල් අහසේ නැළැවුණී..
මගෙ නෙත් පුරා ගැලු අනන්ත සතුට නිම් නැතී..
සංසාර සිහිනයේ.. පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා.. සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි
මගෙ ආදරී නුඹයි
මා ඔබෙන්.. පැතූ පැතුම්.. ආදරෙන් ගෙනා..
රෝස මල් යහන් ගැබේ.. සිහින තාරුකා..
මනමාල සිත පුරා.. දඟකාර කම තියා..
ඔබ මා ළඟින්ම නතර වෙන්න ආදරෙයි කියා..
සංසාර සිහිනයේ.. පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා.. සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි
මගෙ ආදරී නුඹයි