සංසාරයේ මා.. හමුවී තියේදෝ
දෑසේ ඉනාවේ.. මා මත් වුණාදෝ
මේ හුදකලාවේ සීතල සැඳෑවේ
ඔබ හමුවුණේ මා.. ගංතීරයේ නේ
මේ මල් තුරුල්ලේ.. ඔබ මල් කිරිල්ලී
මාගේ.. සිනා මලි
අද රෑ වුණාවේ.. හෙට එළි වුණාවේ
මිහිරේ.. යළි හමුවේදෝ
මල් පවා.. ගැස්සිලා.. ළංවී බලාවී
අප සොයා.. අද රැයේ.. තරු රංචු ගැසේවී..
සුරංගනාවියක් වදෝ.. මලින් උපන් ලියක් වදෝ
තනිවී කිමදෝ.. අසමි සමාවි
සුරංගනාවියක් නොවේ.. මලින් උපන් ලියක් නොවේ
සොඳුරු හැඟුම් ඇයි.. සඟවන්නේ මා
මේ සංසාරේ.. රන් රස සේමා..
පෑහී.. සැමදා.. ආදරයේ පෑවා
ඇලේ දොළේ.. විලේ ජලේ..ඉරේ හදේ.. ගහේ වැලේ..
ගැයුනේ අපගේ ප්‍රේම උදානේ
ඔබේ නුවන්.. දිහා බලා.. කියන්න බෑ.. අහන් එපා
ආල හැඟුම් ඇයි.. සඟවන්නේ මා
මේ මල් යායේ.. මල්පෙති ගානේ
ලියවේ.. අපගේ.. ආදරේ ගීතේ
සංසාරයේ මා.. හමුවී තියේදෝ
දෑසේ නොවේ.. මා මත් වුණාදෝ
මේ හුදකලාවේ සීතල සැඳෑවේ
ඔබ හමුවුණේ මා.. ගංතීරයේ නේ
මේ මල් තුරුල්ලේ.. ඔබෙ මල් කිරිල්ලී
මා.. සිනා මලි
අද රෑ වුණාවේ.. හෙට එළි වුණාවේ
මිහිරේ.. යළි හමුවේදෝ
මල් පවා.. ගැස්සිලා.. ළංවී බලාවී
අප සොයා.. අද රැයේ.. තරැ රංචු ගැසේවී..
හා.....