Sapu malak wee oba hindinnathi Lyrics
සපු මලක් වී ඔබ හිඳින් නැති
මගේ පෙම්වත් කුරුටු ගීයේ
ඇස් කොනින්වත්.. ඔබ දිහා මං
නොබැලු හින්දා..
එදත් අද වාගේ.. ඔබ
නික්මෙන්න ඇති.. මේ වාගේ....
කියා ගන්නට.. නොහැකි හැඟුමන්
ගොළු වුණත් ඇස්.. මායිමේ..
ඔබට මා පෙම්.. කල තරම්..
ඒ පෙමින් ආතුර.. වුණ තරම්...
ලියා නිම කල.. නොවුණු කවියක්
රිදුම් දෙනවා.. තව හිතේ..
මටම ඇයි දුක.. මේ තරම්..
ඒ දුකම කවියක්.. වනු තරම්
සපු මලක් වී ඔබ හිඳින් නැති
මගේ පෙම්වත් කුරුටු ගීයේ
ඇස් කොනින්වත්.. ඔබ දිහා මං
නොබැලු හින්දා..
එදත් අද වාගේ.. ඔබ
නික්මෙන්න ඇති.. මේ වාගේ...