සරා සිහින රහසේ..
දිවුරා කියා..
සිතේ කඳුළු පහසේ..
මැවුනා සිනා..
ඔහේ ඇවිද හා මා..
හද සිතුවිලි විල කළඹා..
හැරදා මා ඔබ ගියදා..
හුන් තැන තාමත් රැඳිලා..
සරා සිහින රහසේ..
දිවුරා කියා..
සිත කඳුළැල්ලෙහි තවරා
කළුවර රස කර වින්දා
සඳ සෙවණැල්ලක හැංගී
මගෙ ඇස් තනිකර තෙමුණා
එසේ කඳුළු ගැලු ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ..
සරා සිහින රහසේ..
දිවුරා කියා..
සිතේ කඳුළු පහසේ..
මැවුනා සිනා..
ඔහේ ඇවිද හා මා..
හද සිතුවිලි විල කළඹා..
හැරදා මා ඔබ ගියදා..
හුන් තැන තාමත් රැඳිලා..
සරා සිහින රහසේ..
දිවුරා කියා..
තනි අතකින් හඬ දෙදරා
හරි ආදරයක් හින්දා
යළි කවදාවත් නොවෙනා
මහ සාගරයක හැඬුවා
එසේ කඳුළු ගැලු ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ..
සරා සිහින රහසේ..
දිවුරා කියා..
සිතේ කඳුළු පහසේ..
මැවුනා සිනා..
ඔහේ ඇවිද හා මා..
හද සිතුවිලි විල කළඹා..
හැරදා මා ඔබ ගියදා..
හුන් තැන තාමත් රැඳිලා..
සරා සිහින රහසේ..
දිවුරා කියා..