සරාගයේ

Saragaye

sanuka wickramasinghe
සරාගයේ Lyrics

නිය රටා මවනවා අප අතරේ වු කතා
රැය පුරා උණුහුමේ මල්‌ පෙති තලා..
සයනයත්‌ නිදනවා මේ රැය අපගේ වු නිසා
ආදරෙන්‌ නග්න  වූ හිමිකම්‌ සොයා..
උණුසුම්‌ උදයක සුවඳින්‌ ගත පිබිදි ගියා..
ඔබේ නම සොයනවා තාමත්‌ නිය සිතුවම්‌ පුරා..

සරාගයේ... රැයේ.. පිනි බිඳුවක්‌ වී වැටී
මා.. සිතේ හිඩසක්‌ මවා..
යහන්තලේ.. වැතිරී.. අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන්‌ වෙළී.. තනිවුණා..

කාමී මුළු පුරා.. නෙක සළුපිලි තනිවෙලා
මා සිතින්‌ හඬනවා දෙස බල බලා..
මංමුළා වු සිතින්‌ මා මල්‌ සුවඳක්‌ විඳිනවා
නැති ඉමක්‌ ඇති රුවක්‌ හා මා වෙළී
උණුසුම්‌ උදයක සුවඳින්‌ ගත පිබිදි ගියා..
ඔබේ නම සොයනවා තාමත්‌ නිය සිතුවම්‌ පුරා..

සරාගයේ... රැයේ.. පිනි බිඳුවක්‌ වී වැටී
මා.. සිතේ හිඩසක්‌ මවා..
යහන්තලේ.. වැතිරී.. අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන්‌ වෙළී.. තනිවුණා..

සරාගයේ... රැයේ.. පිනි බිඳුවක්‌ වී වැටී
මා.. සිතේ හිඩසක්‌ මවා..
යහන්තලේ.. වැතිරී.. අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන්‌ වෙළී..
සරාගයේ... රැයේ.. පිනි බිඳුවක්‌ වී වැටී
මා.. සිතේ හිඩසක්‌ මවා..
යහන්තලේ.. වැතිරී.. අද තනිකම ඉතුරු වී
සඳ ඇතිරිල්ලෙන්‌ වෙළී.. තනිවුණා..

Video thumbnail