Sath mahalin basa ennam oba ma Lyrics
සත් මහලෙන් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවා නම්
ආදරයේ පියගැටපෙළ පාර කියාවී..
මහ පොළොවට පිළිගන්නම්
සිටු සැප හැර එනවා නම්..
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවි..
සිරි යහනේ පොකුරු පිච්ච මල් තනිවේවී..
දුකට කරුණු අහස අසාවී..
පන් පැඳුරේ අලුත් පැතුම් දළු ලියලාවී...
ඒ පැඳුරෙන් අප නොවැටේව්..
සත් මහලෙන් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවා නම්
ආදරයේ පියගැටපෙළ පාර කියාවී..
මහ පොළොවට පිළිගන්නම්
සිටු සැප හැර එනවා නම්...
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවි..
සත් මහලට පෑයු හඳ පැලටත් ඒවී...
ඔබේ ලොවට එළිය වැටවී..
හඳ නාවත් මගේ පැලේ එළිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී....
සත් මහලෙන් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවා නම්
ආදරයේ පියගැටපෙළ පාර කියාවී..
මහ පොළොවට පිළිගන්නම්
සිටු සැප හැර එනවා නම්...
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී..