Saumya wanthiye sitha sanasana

Saumya wanthiye sitha sanasana

janaka wickramasinghe
Saumya wanthiye sitha sanasana Lyrics

සෞම්‍යවන්තියේ.. සිත සනසනා..
පුණ්‍යවන්තියේ.. පින්‌ පලදෙනා..
රූපවන්තියේ.. රස කලඹනා..
ප්‍රේමයද මේ කිව මැනා..

ප්‍රේමයද ගංගාවකී
සෞම්‍ය සඳ එලියේ එතී..

ප්‍රේමයද ගංගාවකී
සෞම්‍ය සඳ එළියේ එති
සඳ බැස ගියත්‌ ගඟ නොනවතී...
සාගරේ හා වෙළී යතී...

සෞම්‍යවන්තියේ.. සිත සනසනා..
පුණ්‍යවන්තියේ.. පින්‌ පලදෙනා..
රූපවන්තියේ.. රස කලඹනා..
ප්‍රේමයද මේ කිව මැනා..

පාළුවද සඳ එළියකී
රම්‍ය ජීවිතයේ එතී...

පාළුවද සඳ එළියකී
රම්‍ය ජීවිතයේ එතී...
ළඟ නැති වුනත්‌ සිත ළඟ ඇතී...
ආදරේ භාවනාවකී...

සෞම්‍යවන්තියේ.. සිත සනසනා..
පුණ්‍යවන්තියේ.. පින්‌ පලදෙනා..
රූපවන්තියේ.. රස කලඹනා..
ප්‍රේමයද මේ කිව මැනා..

Video thumbnail