සයුර වෙත යන.. ගඟ පරිද්දෙන්
වියළි ගොඩබිම.. සැරිසරා..
රැගෙන මගේ බර.. බිම තියන්නට
වෙහෙස විඳ එමි.. ඔබ කරා..
රැය දවල් දෙක.. එකසේ සලකා
රිසි විටෙක එනු.. මැන පියේ..
අතු පැලෙහි දොර.. වසා තිබුනත්
මගේ හදවත.. ඉඩ තියේ..
දෙපා ඔසවා.. මග ගෙවාගෙන
එද්දී සියොළඟ සලිත වේ..
සිනාසෙනු මැන.. එවිට වෙහෙසද
සමඟ ළය සෝ දුක් නිවේ..
නුවන් දහසක්.. අතර මැදි වී
හස නඟන්නට බිය වෙමී..
පෙමින් තෙත්වුණු.. සුමුදු පියකරු
හදවතින් මම හිනැහෙමි..
සයුර වෙත යන.. ගඟ පරිද්දෙන්
වියළි ගොඩබිම.. සැරිසරා..
රැගෙන මගේ බර.. බිම තියන්නට
වෙහෙස විඳ එමි.. ඔබ කරා..
අයස යස හෝ.. ජය පරාජය
අතර වෙනසක් ඇති නොවේ..
අහස ඔබේ හිස.. සඳය ඔබේ වත
තරුය ඔබේ ඇස මගේ ලොවේ..
පිපී පියකරු.. දසුන් අපමණ
අනන්තයටම මෙදියතේ..
ඔබේ හදවත.. තරම් ලස්සන
හදවතක් මා දැක නැතේ..
සයුර වෙත යන.. ගඟ පරිද්දෙන්
වියළි ගොඩබිම.. සැරිසරා..
රැගෙන මගේ බර.. බිම තියන්නට
වෙහෙස විඳ එමි.. ඔබ කරා..
රැය දවල් දෙක.. එකසේ සලකා
රිසි විටෙක එනු.. මැන පියේ..
අතු පැලෙහි දොර.. වස තිබුනත්
මගේ හදවත.. ඉඩ තියේ..