සීගිරියේ කුරුටු ගීත ලස්සනයි Lyrics
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි..
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි..
මුළු කොළේ පුරා ලීවේ එක පේළියයි..
මුළු හදවනින්ම මම ඔබ හට ආදරෙයි..
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි..
අටවක සඳ පොඩි උනාට හරි හැඩයි..
පුරහඳටත් වැඩියෙන් අවිහිංසකයි..
ඒ තරම්ම මගෙ සෙනෙහස සුන්දරයි..
මට කියා දෙන්න බෑ මම හරි අසරණයි..
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි..
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි..
මුළු කොළේ පුරා ලීවේ එක පේළියයි..
මුළු හදවනින්ම මම ඔබ හට ආදරෙයි..
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි..
හීන වලට හුරු කෙරුවේ ඔබ තමයි..
හීන වලින් මෑත් වෙන්න මට බයයි..
ඒ හීනෙට මම කවදත් ආදරෙයි..
අහිමි වෙන්න එපා ඔබට පව් පිරෙයි..
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි..
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි..
මුළු කොළේ පුරා ලීවේ එක පේළියයි..
මුළු හදවනින්ම මම ඔබ හට ආදරෙයි..
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි..