සීනුව වදින තුරා

seenuwa wadina thura

Charitha Priyadarshani
සීනුව වදින තුරා Lyrics

සීනුව වදින තුරා..
මුළු පාසැල්‌ මිදුල පුරා..
වැලි දූලි නාන දඟ පොඩි එවුන්ට
වේවැල්‌ කසාය දෙන්නම්

සීනුව වදින තුරා..
මුළු පාසැල්‌ මිදුල පුරා..
වැලි දූලි නාන දඟ පොඩි එවුන්ට
වේවැල්‌ කසාය දෙන්නම්

කවට කමට නොවැ මා..
එහෙම කිව්වෙ ළමයෝ..
ටිකක් දඟවී.. හුඟක් කැපවී.. පාඩමේ යෙදෙමු..
උදුරලා හෝ.. සොරා ගනු බෑ.. අපි උගත් දේ නම්

සීනුව වදින තුරා..
මුළු පාසැල්‌ මිදුල පුරා..
වැලි දූලි නාන දඟ පොඩි එවුන්ට
වේවැල්‌ කසාය දෙන්නම්

අකුර අකුර ලියලා..
පොතින්‌ පොතට කියවා..
පන්තියේදී.. කැකුලු පිපිලා.. හෙට කුසුම්‌ වේවී..
නංගි මල්ලී.. අපට ඕනෑ.. එහෙම හොඳ දරුවන්‌

සීනුව වදින තුරා..
මුළු පාසැල්‌ මිදුල පුරා..
වැලි දූලි නාන දඟ පොඩි එවුන්ට
වේවැල්‌ කසාය දෙන්නම්

සීනුව වදින තුරා..
මුළු පාසැල්‌ මිදුල පුරා..
වැලි දූලි නාන දඟ පොඩි එවුන්ට
වේවැල්‌ කසාය දෙන්නම්

Video thumbnail