සීත අරණේ.. සුපුල්‌ නා මල

Seetha Arane Supul Namala

milton mallawarachchi
සීත අරණේ.. සුපුල්‌ නා මල Lyrics

සීත අරණේ.. සුපුල්‌ නා මල
සුවඳ ගැල්වූ ජීවිනේ..
සීත හිමගිර සීත නොදැනේ
දැනෙයි උණුසුම ආදරේ...

ලතාවක්‌ සේ.. වෙළී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්‌..

ලතාවක්‌ සේ.. වෙළී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්‌..
සදා දෝතින්‌ මලක්‌ සේ ඔබ
වැළඳ ගන්නෙමි
හදවතින්‌.. හදවතින්‌..

වලාවක්‌ සේ.. අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි...

වලාවක්‌ සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි...
මහා කතරෙක ගෙවූ තනි මඟ
නිමා කල ඉම
ඔබ නෙතයි.. ඔබ නෙතයි..

සීත අරණේ.. සුපුල්‌ නා මල
සුවඳ ගැල්වූ ජීවිතේ...
සීත හිමගිර සීත නොදැනේ
දැනෙයි උණුසුම ආදරේ...

Video thumbnail