සීත මාරුතේ.. වෙළෙමින්‌ ඇස්‌ දිහා බලන්‌

Seetha Maruthe Welemin As Diha Balan

ruwan hettiarachchi
සීත මාරුතේ.. වෙළෙමින්‌ ඇස්‌ දිහා බලන්‌ Lyrics

නන නාන නා.. ලල ලාල ලා..
ලල ලල ලල ලල ලා.. ලල ලාල ලා...

(අ..)
සීත මාරුතේ.. වෙළෙමින්‌ ඇස්‌ දිහා බලන්‌
ඔබ මට ආදරෙයි කියූ.. මතකය හීනයක්‌ වගේ..
ඈත මීදුමේ.. දිදුලන පුන්සඳක්‌ වගේ
එළියයි ඒ හැඟුම්‌ හිතේ.. ඔබමයි ජීවිතේ මගේ..

අ..
දෑලේ ගඟුලැල්ලක්‌ සේමා සීතයි හිත බෝම...
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන්‌ පෙඟිලා..

දෑලේ ගඟුලැල්ලක්‌ සේමා සීතයි හිත බෝම...
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන්‌ පෙඟිලා..
ජීවිතයේ.. සතුටයි.. මා.. දුටුවේ..
සාගරයේ.. ගැඹුරයි.. ඒ.. හැඟුමේ..

සීත මාරුතේ.. වෙළෙමින්‌ ඇස්‌ දිහා බලන්‌
ඔබ මට ආදරෙයි කියූ.. මතකය හීනයක්‌ වගේ..
ඈත මීදුමේ.. දිදුලන පුන්සඳක්‌ වගේ
එළියයි ඒ හැඟුම්‌ හිතේ.. ඔබමයි ජීවිතේ මගේ..

(හ.. හ.. වු...)

යහනේ තනි යහනේ පේනා හීනෙන්‌ ඉඟි පානා..
රෑ තුන්යම ඔය ඇස්‌ මානා.. මා මුසපත්‌ කරනා

යහනේ තනි යහනේ පේනා හීනෙන්‌ ඉඟි පානා..
රෑ තුන්යම ඔය ඇස්‌ මානා.. මා මුසපත්‌ කරනා
ආදරයේ.. මිහිරයි.. මා.. නිවුණේ..
ඒ ඇසුරේ.. අලුතින්‌.. මා.. පිදේ..

සීත මාරුතේ.. වෙළෙමින්‌ ඇස්‌ දිහා බලන්‌
ඔබ මට ආදරෙයි කියූ.. මතකය හීනයක්‌ වගේ..
ඈත මීදුමේ.. දිදුලන පුන්සඳක්‌ වගේ
එළියයි ඒ හැඟුම්‌ හිතේ.. ඔබමයි ජීවිතේ මගේ..

(හ්ම්...) ඔබමයි ජීවිතේ මගේ....

Video thumbnail