සීතල හිම පිණි

Seethala Hima Pini


සීතල හිම පිණි Lyrics

සීතල හිම පිණි පාවෙලා
මල් කෙමි මත වෑහිලා
නුඹ නෙත් මානෙන් පායලා
සිත සිහිනෙක යාවෙලා

උනුහුම දිගේ ඇදෙනා හැඟුමන් ඉතිරෙන ලයේ
නෙතු පියාගමි කුමරියේ
රහසින් වගේ දැනෙනා සුවඳයි මා කැලඹුවේ
ඒ ඇසිල්ලේ
නුඹ ලඟ උන් යාමයේ
සංසාර ගීතේ කොඳුරලා
නිම්නාද සීතේ තවරලා
එක හීනෙක තටු සලලා
සිත නුබ තියන් මා දෙස බලන්
නෙත කොණහන් ඉඟියකින්
ආදර රහසක් කියන්

දෙසිතේ සිත්තම් මැවිලා
ආ මාවතේ සෙවණැළි ඇඳිලා
සුසුමක රහසක් එතිලා
මුදු සරයෙන් මුළු ලොව පිරිලා
සංසාර ගීතේ කොඳුරලා
නිම්නාද සීතේ තවරලා
එක හීනෙක තටු සලලා
සිත නුබ තියන් මා දෙස බලන්
නෙත කොණහන් ඉඟියකින්
ආදර රහසක් කියන්

Video thumbnail