සීතම සීත හිම කාලේ
සුදෝ සුදු හිම වැස්සේ
ඔබේ දෑත පැටලිලා..
ඈත එපිට හිම යායේ
තනිවෙන්න.. සිප ගන්න ආසයි
මගෙ හිම කුමරී...
තනිවෙන්න.. දඟ වෙන්න ආසයි
මගෙ හිම කුමරී.....
සීත සෘතුව බොඳ වෙලා..
වසන්තයේ.. සොඳුරු රැයේ
තනිව ඉකිබිඳිනා චෙරි යායේ
ගීයකින් මගේ හදේ
ඇන්ද ඒ ලස්සන අමතක කරන්න
ලොබයි.. මගෙ කුමරී..
සීතම සීත හිම කාලේ
සුදෝ සුදු හිම වැස්සේ
ඔබේ දෑත පටලවා..
ඈත එපිට හිම යායේ
තනිවෙන්න.. සිප ගන්න ආසයි
මගෙ හිම කුමරී....
තනිවෙන්න.. දඟ වෙන්න ආසයි
මගෙ හිම කුමරී....
පාළු නිදි නැති යාමේ
ළංවෙලා තෙපලූ කතා
සිහිනයක් වගේ මතකේ
කිසිදා උරුම වී නැතත්
ඔබේ දෙතොල් සිප ගන්නට
දෙන්නකෝ.. දෙන්නකෝ. . හිම කුමරී..
සීතම සීත හිම කාලේ
සුදෝ සුදු හිම වැස්සේ
ඔබේ දෑත පටලවා..
ඈත එපිට හිම යායේ
තනිවෙන්න.. සිප ගන්න ආසයි
මගෙ හිම කුමරී..
තනිවෙන්න.. දඟ වෙන්න ආසයි
මගෙ හිම කුමරී..
තනිවෙන්න.. සිප ගන්න ආසයි
මගෙ හිම කුමරී..
තනිවෙන්න.. දඟ වෙන්න ආසයි
මගෙ හිම කුමරී...