සෙනෙහස් අවාරේ Lyrics
රෑ හීන ගානේ නුඹ පෙනේවී..
හුස්මක් පවා දුර යයි සිතේවී..
මා ආදරේ නුඹගෙන් දකීවී..
සංසාරයේ හමුවී තියේවී..
සෙනෙහස් අවාරේ.. කුලුදුල් තුෂාරේ..
ඔබමයි ගෙනාවේ.. මගේ දිවිතුරා..
අනුහස් විමානේ.. සිපගත් නුරාවේ..
සදකැන් ගලා ඒ්.. හදේ ගිම් නිවා..
මුදු වලා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
දැනෙන්නේ මේ ආදරය දෝ..
විහගුනේ ගයන ගීතිකා උනුහුමේ විදින චාරිකා
ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ..
හදවතේ මියුරු කාරණා..නුඹ ගෙනා මතක පාරනා..
කොදුරන් හදට.. ආරාධනා..
නුඹ මගේ හිතම සාදනා.. ආදරේ අකුරු තෝරනා..
ඔබමයි හීන හැබැහින් ගෙනා..
සෙනෙහස් අවාරේ.. කුලුදුල් තුෂාරේ..
ඔබමයි ගෙනාවේ.. මගේ දිවිතුරා..
අනුහස් විමානේ.. සිපගත් නුරාවේ..
සදකැන් ගලා ඒ්.. හදේ ගිම් නිවා.........