සෙනෙහස පුදා... අම්මාවරුන්‌ වගේ..

Senehasa Puda Ammawarun Wage

malani bulathsinhala
සෙනෙහස පුදා... අම්මාවරුන්‌ වගේ.. Lyrics

ආ..අආ ආ..අආ අඅආ
ආ..අආ ආ..අආ අඅආ

සෙනෙහස පුදා... අම්මාවරුන්‌ වගේ..
දහදිය හෙළා මහ සාගරය වගේ..
ඔවදන්‌ දෙවා අගනා මුතුමැණික්‌ වගේ..
ඇතිදැඩි කළා අප සමනල පැටව්‌ වගේ..

ආ..අආ ආ..අආ අඅආ
ආ..අආ ආ..අආ අඅආ

අක්කණ්ඩියේ.. පොඩි කාලේ.. පොඩි කමට
අක්කණ්ඩියේ.. පොඩි කාලේ.. පොඩි කමට
කල වරදකට වත්‌ තැලුවේ නැත අපට
කල වරදකට වත්‌ තැලුවේ නැත අපට
සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට
පියෙකුගේ කඳුළු මුතුකැට වුනි දරුකමට

ආ..අආ ආ..අආ අඅආ
ආ..අආ ආ..අආ අඅආ

පියවරු සිටින දුරුවන්‌ හට තනි නැතුවා.. තනි නැතුවා
මව්වරු සිටින දරුවන්‌ හට තනි නැතුවා.. තනි නැතුවා
මව්‌ පියවරුන්‌ ඉරහඳ මෙන්‌ ළඟ හිඳුවා..
දරුවන්‌ පාන හසරැලි අපහට නැතුවා..

සෙනෙහස පුදා... අම්මාවරුන්‌ වගේ..
දහදිය හෙළා මහ සාගරය වගේ..
ඔවදන්‌ දෙවා අගනා මුතුමැණික්‌ වගේ..
ඇතිදැඩි කළා අප සමනල පැටව්‌ වගේ..

ආ..අආ ආ..අආ අඅආ
ආ..අආ ආ..අආ අඅආ
ආ..අආ ආ..අආ අඅආ
ආ..අආ ආ..අආ අඅආ
ආ..අආ ආ..අආ අඅආ
ආ..අආ ආ..අආ අඅආ

Video thumbnail