සෙනෙහසකට අරුතක්‌ පුරවන්නට

senehasakata aruthak purawannata

Asanka Priyamantha
සෙනෙහසකට අරුතක්‌ පුරවන්නට Lyrics

සෙනෙහසකට අරුතක්‌ පුරවන්නට
අහසේ තරු ගැන්නා..
වෙරළේ රළ මැන්නා..
සීමාවක්‌ මායිමක්‌ නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී..

කැකුලක්‌ සිඳුනෙන්‌ හදවත පිපුණු
කඳුළෙත්‌ කටු මත විස තිබුණා..
බිඳුනොත්‌ බඳුනක පිළියම්‌ කරනට
බැරි කැළලක්‌ මතුවී පෙනෙනා...

සෙනෙහසකට අරුතක්‌ පුරවන්නට
අහසේ තරු ගැන්නා..
වෙරළේ රළ මැන්නා..
සීමාවක්‌ මායිමක්‌ නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී..

පවකින්‌ පෙර අත්‌ භවයක සිදුවු
සිතකින්‌ සිතකට දුක පිරුණා..
මගේ අත දිගු කල හැකි හැම තැනදී.
ඔබ අත මා දුරකින්‌ තිබුණා..

සෙනෙහසකට අරුතක්‌ පුරවන්නට
අහසේ තරු ගැන්නා..
වෙරළේ රළ මැන්නා..
සීමාවක්‌ මායිමක්‌ නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී..

Video thumbnail