ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්..
පාන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං..
ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්..
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්..
පාන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්...
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං..
කඳුළ උඩට තිරුවංගල් එළිය වැටීමෙන්..
උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්..
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්...
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්..
ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්..
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්..
පාන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්...
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං..
සියල් සිරිත් දදෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න
ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්..
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්..
පාන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්...
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං..
ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්..
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්..
පාන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්...
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං..