සිහින දෙව්‌ දුවේ ඔබට තුන්‌ ලොවේ

Sihina Dew Duwe Obata Thun Lowe

milton perera
සිහින දෙව්‌ දුවේ ඔබට තුන්‌ ලොවේ Lyrics

සිහින දෙව්‌ දුවේ
ඔබට තුන්‌ ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ..

සිහින දෙව්‌ දුවේ
ඔබට තුන්‌ ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ..

සඳෙහි ලප තියේ
මලෙහි කටු නියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ..

චන්දන දියෙන්‌ දොවාලා
ඔය නලළේ අත තියාලා
මම ඔබ ළඟයි කියාලා
දෙමි ලේ වලින්‌ ලියාලා

චන්දන දියෙන්‌ දොවාලා
ඔය නලළේ අත තියාලා
මම ඔබ ළඟයි කියාලා
දෙමි ලේ වලින්‌ ලියාලා

සිහින දෙව්‌ දුවේ
ඔබට තුන්‌ ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ..

සඳෙහි ලප තියේ
මලෙහි කටු නියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ..

කල්‍යාණි නමට අමපෙම්
දිවි බඳුන පුදකරන්නම්‌
ඉපදුනේද භවෙක කිසියම්‌
මුළු සසරෙදිම ඔබෙයි මං

අවසාන මොහොත වේවා..
ඔබ ළඟදි ළඟා වේවා
ගිනි නැතිව මා දැවේවා
සිහිවටන එහි මැවේවා

සිහින දෙව්‌ දුවේ
ඔබට තුන්‌ ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ..

සිහින දෙව්‌ දුවේ
ඔබට තුන්‌ ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ..

සඳෙහි ලප තියේ
මලෙහි කටු නියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ.....

Video thumbnail