සිහිනයේ පාවෙලා ඇදවිත්‌.. මා ළඟින්‌ සැතපුණා..

Sihinaye Pawela Awith Mihiraviye Sihina

shihan mihiranga
සිහිනයේ පාවෙලා ඇදවිත්‌.. මා ළඟින්‌ සැතපුණා.. Lyrics

සිහිනයේ පාවෙලා ඇදවිත්‌.. මා ළඟින්‌ සැතපුණා..
මා හදේ පෙම්‌ කතා පොතේ.. කතාවක්‌ ලියවුණා..
සීතලේ ගතට ළංවෙලා.. රහසකුත්‌ කොඳුරලා..
ආදරේ  සුවය මා සදා.. සිහිනයෙන්‌ වින්දා

මිහිරාවියේ.. සිහින කුමරි
මගෙ ආදරේ... ඔබයි කුමරි
මා ජීවිතේ.. සදා සිහිනේ
මිහිරාවියේ..

සමනල්ලු රෑනේ ඇවිත්‌.. සිහිනයම හැඩ කළා..
ආදරෙන්‌ කී කතා අසා.. අපි වටා පියඹුවා..
පෙම්‌ සුවේ  මිහිරි ආදරේ.. අපි එක්ක විඳලා..
සමනල්ලු මල්‌ රොන්‌ සොයා.. පියඹලා දුර ගියා

මිහිරාවියේ.. සිහින කුමරි
මගෙ ආදරේ... ඔබයි කුමරි
මා ජීවිතේ.. සදා සිහිනේ
මිහිරාවියේ..

සිහිනයෙන්‌ අවදි වී ඉතින්‌.. මා ඔබව සෙව්වා..
ඔබ සිටියේ නෑ මා ළඟින්‌.. ආයේ මා තනිවෙලා..
සමනල්ලු රෑනේ ඔබත්‌.. පියඹලා ගියාදෝ..
ආයෙමත්‌ එන්නේ මා සොයා.. සිහිනයෙන්‌ විතරදෝ

මිහිරාවියේ.. සිහින කුමරි
මගෙ ආදරේ... ඔබයි කුමරි
මා ජීවිතේ.. සදා සිහිනේ
මිහිරාවියේ..

මිහිරාවියේ.. සිහින කුමරි
මගෙ ආදරේ... ඔබයි කුමරි
මා ජීවිතේ.. සදා සිහිනේ
මිහිරාවියේ..

Video thumbnail