සිහිනෙන්‌ ඔබ මට.. පෙනෙනවා නම්‌

Sihinen Oba Mata Penenawanam

milton mallawarachchi
සිහිනෙන්‌ ඔබ මට.. පෙනෙනවා නම්‌ Lyrics

සිහිනෙන්‌ ඔබ මට.. පෙනෙනවා නම්‌
අවදි නොවී ඉන්නම්‌

කිසිදා ඔබේ අත.. නොලැබේ නම්
හැමදා.. තනි වෙන්නම්‌

ආසිරි ගී මැද
පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ
අතපැන්‌ වත්කර
ඔබ කැඳවා.. යන්නම්..
නැතිනම්‌.. තනි වෙන්නම්‌

ඔබ කැඳවා.. යන්නම්..
නැතිනම්‌.. තනි වෙන්නම්‌

ජීවන ගමනේ
බාධක දුක සැප
එකසේ පිළිගෙන
හිනැහෙනු මැන ඔබ
තනියට ළඟ.. ඉන්නම්‌..
නැතිනම්‌.. තනි වෙන්නම්‌

තනියට ළඟ.. ඉන්නම්‌..
නැතිනම්‌.. තනි වෙන්නම්‌

සිහිනෙන්‌ ඔබ මට.. පෙනෙනවා නම්‌
අවදි නොවී ඉන්නම්‌

කිසිදා ඔබේ අත.. නොලැබේ නම්
හැමදා.. තනි වෙන්නම්...

Video thumbnail