Sikuru tharuwa raye

Sikuru tharuwa raye

Edward Jayakody
Sikuru tharuwa raye Lyrics

සිකුරු තරුව රැයේ..

සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ...
හඳට අහස හිමිවන පොදා..
ලොව හඳටම නතු වෙනවා..
තරුවද අමතක වෙනවා.....

අහස ඉමේ තුරු මුදුනේ මල්‌ හිනැහෙනවා..
නොපැතූ සැනේ පෙති ඉහිරි බිමට වැටෙනවා

අහසට පිපි මල්‌ සේ පොළවට පරමල්‌ හිමිවේ....
පිපිමල්‌ පරමල්‌ වෙනවා....
ඒ මල්‌ දුක සඟවනවා....

සිකුරු තරුව රැයේ..

සිකුරු තරුව රැයේ..
අඳුර මකන අගේ
හඳට අහස හිමිවන පොදා..
ලොව හඳටම නතු වෙනවා..
තරුවද අමතක වෙනවා..

සඳළු තලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා..
දිළිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා

ඔබ නෙත්‌ සඳ පහනේ සඳළු තලේ සඳ සැඟවේ...
ඔබ යළි සඳවත වෙනවා..
මිහිරිව ඔබ රිදවනවා..

සිකුරු තරුව රැයේ..

සිකුරු තරුව රැයේ..
අඳුර මකන අගේ...
හඳට අහස හිමිවන පොදා.....
ලොව හඳටම නතු වෙනවා....
තරුවද අමතක වෙනවා..

ලොව හඳටම නතු වෙනවා....
තරුවද අමතක වෙනවා.....
ලොව හඳටම නතු වෙනවා....
තරුවද අමතක වෙනවා.....
ලොව හඳටම නතු වෙනවා....
තරුවද අමතක වෙනවා.....

Video thumbnail