සයිමන් අයියයි මාටින් අයියයි හොඳම යාළුවෝ දෙන්නා
ගමන් බිමන් කන බොන දේ එකටයි.. ඒක වගෙ අඳින්නේ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට.. කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතෙකින් පවුලක් ඇවිදින්.. මේ ගමෙ පදිංචි වෙන්නා

හරි ලස්සන කෙල්ලෙක් උන්නා
ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා
හරි ලස්සන කෙල්ලෙක් උන්නා
ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා
දවසක් දෙන්න ගමනක් ගොස්.. මේ ගේ අසලින් යන්නේ
ආසයි කියන්නත් ආසයි.. ඒ තරුණි සිනාසෙන්නේ
මටදෝ මෙයාටද දන්නෑ.. අර සංග්‍රහයක් කෙරුවේ
සයිමන් අයිය සිතුවා සේ.. මාටින් අයියත් සිතුවේ
වැදුණා දෙන්නටම විසාල සැකයක් හිත ඇතුලට වැදුණා
සිතුනා බලන්නට තනියම ඇවිදින් දෙන්නාටම සිතුනා
සයිමන් අයිය දැන් එන්නේ මාටින් අයියා නැතිවයි
මාටින් මේක ගැන දන්නෑ.. එයත් එන්නේ තනිවයි
සයිමන් අයියයි මාටින් අයියයි හොඳම යාළුවෝ දෙන්නා
ගමන් බිමන් කන බොන දේ එකටයි.. ඒක වගෙ අඳින්නේ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට.. කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතෙකින් පවුලක් ඇවිදින්.. මේ ගමෙ පදිංචි වෙන්නා
හරි ලස්සන කෙල්ලෙක් උන්නා
ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා
හරි ලස්සන කෙල්ලෙක් උන්නා
ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා
තරඟේ දෙන්නගේ අතරේ.. දෛවසින් දවසට මෝරයි
ඇඳුමෙන් පැළඳුමෙන් වාගේ.. සැන් පවුඩර් සුවඳ හමයි
දවසක් දෙන්න මුණගැසුනේ.. මේ තරුණිගේ නිවස ළඟයි
තරුණි දොරකොඩ සිටියේ.. තම සැමියා සමගයි
තරුනන් දෙන්න අර යන්නේ සැමියනි හරි කරුණාවන්තයි
මෙතනින් යනකොට කොයි වෙලාවටත් යන්නේ හිනාවෙලයි
අද නම් විවාහක ළඳකී තරුණියක් වගෙයි පෙනුනී
එනමුත් බොහොම ගුණවන්තයි කා සමගත් සිනාසුනේ
මේ දැන් දෙන්නටම දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි
සයිමන් මාටින් දෙන්නා තාමත් හොඳ මිතුරෝ තමයි
සයිමන් අයියයි මාටින් අයියයි හොඳම යාළුවෝ දෙන්නා
ගමන් බිමන් කන බොන දේ එකටයි.. ඒක වගෙ අඳින්නේ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට.. කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතෙකින් පවුලක් ඇවිදින්.. මේ ගමෙ පදිංචි වෙන්නා
හරි ලස්සන කෙල්ලෙක් උන්නා
ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා
හරි ලස්සන කෙල්ලෙක් උන්නා
ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා...