සිනහව අතරින්‌ කඳුළක්‌ උපන්නා..

Sinahawa Atharin Kadulak Upanna

milton mallawarachchi
සිනහව අතරින්‌ කඳුළක්‌ උපන්නා.. Lyrics

සිනහව අතරින්‌
කඳුළක්‌ උපන්නා..
ඒ බැව්‌ නොදැනම
සිනහවක්‌ ම පෑවා

සිනහව අතරින්‌
කඳුළක්‌ උපන්නා..
ඒ බැව්‌ නොදැනම
සිනහවක්‌ ම පෑවා
සිනහව අතරින්‌..

හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමුවුවා කඳුකර පෙදෙසක
හිම මෙන්‌ පිරිසිදු ඔබෙ ආදරයේ..

හිම මෙන්‌ පිරිසිදු ඔබ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
කඳුළැලි දුන්‌.. ඔය නිල්මිණි දෑසට
කඳුළැලි දුන්‌.. ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

සිනහව අතරින්‌
කඳුළක්‌ උපන්නා..
ඒ බැව්‌ නොදැනම
සිනහවක්‌ ම පෑවා
සිනහව අතරන්‌..

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මට සතුටට හිටියේ..

ඔබ පමණයි මට සතුටට හිටියේ
ඇයි ඒ සතුටත්‌ ඉවතට දැම්මේ
නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත්‌ නොලැබෙන මිරිඟුව ඒකයි

සිනහව අතරින්‌
කඳුළක්‌ උපන්නා..
ඒ බැව්‌ නොදැනම
සිනහවක්‌ ම පෑවා
සිනහව අතරින්‌
කඳුළක්‌ උපන්නා...

Video thumbnail