සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි

Sinawakata Wada Obe Kandulu Walata

nelu adikari
සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි Lyrics

සිනාවකට වඩා ඔබේ
කඳුළු වලට මං ආසයි..
මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌..
මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌..

කඳුළු වලට වඩා ඔබේ
සිනාවකට මං ආසයි..
මා වටකර නැගෙන සිනා නම්..
මා වටකර නැගෙන සිනා නම්..

සඳ එළියට වඩා සඳේ සඳ අඳුරට මං ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේ නම්‌..
සඳ අඳුරට වඩා.. සඳේ සඳ එළියට මං ආසයි
සඳ එළියේ ඔබ හමුවේ නම්‌..

මහ මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි
එය තැනුවේ මා වෙනුවෙන්‌ නම්..
ජීවිතයම දුකක්‌.. වුණත්‌ ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන්‌ නම්..

සිනාවකට වඩා ඔබේ
කඳුළු වලට මං ආසයි..
මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌..
මා වෙනුවෙන්‌ නැගෙන කඳුළු නම්‌..

කඳුළු වලට වඩා ඔබේ
සිනාවකට මං ආසයි..
මා වටකර නැගෙන සිනා නම්..
මා වටකර නැගෙන සිනා නම්...

Video thumbnail