Sinhala sindu kiyana nalale thilaka

Sinhala sindu kiyana nalale thilaka

gunadasa kapuge
Sinhala sindu kiyana nalale thilaka Lyrics

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින්‌ හදවතක්‌ අරගෙන
ගිනිගත්‌ තල්‌ අරඹට ආවාදෝ ඉගිල්ලී..

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින්‌ හදවතක්‌ අරගෙන
ගිනිගත්‌ තල්‌ අරඹට ආවාදෝ ගගිල්ලී..

දිව නුහුරු බසින්‌ පෙම්‌ කවි කී
කුරුල්ලාට වශී වී..

ගිනි මලින්‌ තැනු මල්‌ පොකුරක්‌
අතට ගත්ත මනාලී..

මධුසමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී.....

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින්‌ හදවතක්‌ අරගෙන
ගිනිගත්‌ තල්‌ අරඹට ආවාදෝ ගගිල්ලී..

ගිනි අවිත්‌ එක්ක පෙමින්‌ බැඳුණ
විහඟ සෙනග අඬාවී..

ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී..

ආදරය නුඹට බාරයි
රැකගනින්‌ දේවතාවී..

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින්‌ හදවතක්‌ අරගෙන
ගිනිගත්‌ තල්‌ අරඹට ආවාදෝ ඉගිල්ලී...

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින්‌ හදවතක්‌ අරගෙන
ගිනිගත්‌ තල්‌ අරඹට ආවාදෝ ඉගිල්ලී...

Video thumbnail