ශ්‍රී පා වඳිමු මුනිගේ

siripa wandimu munige

sisira senaratne
ශ්‍රී පා වඳිමු මුනිගේ Lyrics

ශ්‍රී පා වඳිමු මුනිගේ..
ශ්‍රී පා වඳිමු මුනිගේ
අමා මහා නිවනේ සැපදේ උතුම්
අමා මහා නිවනේ සැපදේ උතුම්..

නිරිඳා දිළිඳා එකසේ..
නිරිඳා දිළිඳා එකසේ
සිතාලා සැනසූ දෙසූ සදහම්
සිතාලා සැනසූ දෙසූ සදහම්.

(ශ්‍රී පා වඳිමු මුනිගේ..
ම්.. ම්..ම්..)

මේ ගොර සසරේ.. මහා ගන අඳුරේ
තැවුණ පාපී දනා..
තැවුණ පාපී දනා..

මෙත් ගඟ නාවා.. සෙත් මග පෑවා
මාරජී භගවා..
මාරජී භගවා..

පය දුලි සේ සලකා..
පය දුලි සේ සලකා
රාජ සෞභාග්‍යය අතැරි නරදම්
රාජ සෞභාග්‍යය අතැරි නරදම්..

(ශ්‍රී පා වඳිමු මුනිගේ..
ම්.. ම්..ම්..)

පෙරුම් දම් පුරා මරුන් මන් මරා
අනර් ඝ මොක්ෂෙ ලැබී..
අනර් ඝ මොක්ෂෙ ලැබී..

ලෝ හිමි ධර් මේ සදාය සාමේ
තුන් ලොව තාම වඳී..
තුන් ලොව තාම වඳී..

ශ්‍රී පාමුල ලෝ හිමිගේ..
ශ්‍රී පාමුල ලෝ හිමිගේ
මගේ හිස පා පිස්නකට පුදමි
මගේ හිස පා පිස්නකට පුදමි..

(ශ්‍රී පා වඳිමු මුනිගේ..
ශ්‍රී පා වඳිමු මුනිගේ..)

Video thumbnail