සිරිපාදේ වන්දවන්න ඉස ඔලියල්‌ බැඳලා

Siripade Wandawanna

niranjala sarojini
සිරිපාදේ වන්දවන්න ඉස ඔලියල්‌ බැඳලා Lyrics

සිරිපාදේ වන්දවන්න ඉස ඔලියල්‌ බැඳලා
සිරිමාබෝ සාමිනි මට පිරිමි පුතෙක්‌ නැතුවා

කිරී ආහාර පූජාවට අලුත්‌ සාල්‌ පුදලා
සිරීමාබෝ සාමිනි මම පිරිමි පුතෙක්‌ පැතුවා

ඇතෙක්‌ වගේ තනි මංසල බයක්‌ නැතුව යන්නයි
කොතක්‌ වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමාබෝ සාමිනි මට පිරිමි පුතෙක්‌ දෙන්නයි

සිරිපාදේ වන්දවන්න ඉස ඔලියල්‌ බැඳලා
සිරිමාබෝ සාමිනි මට පිරිමි පුතෙක්‌ නැතුවා

කිරී ආහාර පූජාවට අලුත්‌ සාල්‌ පුදලා
සිරීමාබෝ සාමිනි මම පිරිමි පුතෙක්‌ පැතුවා

ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමාබෝ සාමිනි මට පිරිමි පුතෙක්‌ දෙන්නයි

සිරිපාදේ වන්දවන්න ඉස ඔලියල්‌ බැඳලා
සිරිමාබෝ සාමිනි මට පිරිමි පුතෙක්‌ නැතුවා

සිරිපාදේ වන්දවන්න ඉස ඔලියල්‌ බැඳලා
සිරිමාබෝ සාමිනි මට පිරිමි පුතෙක්‌ පැතුවා

සිරිමාබෝ සාමිනි මට පිරිමි පුතෙක්‌ පැතුවා
සිරිමාබෝ සාමිනි මට පිරිමි පුතෙක්‌ පැතුවා
සිරිමාබෝ සාමිනි මට පිරිමි පුතෙක්‌ පැතුවා....

Video thumbnail